පාසල් ගීතය
දෑ හිත දියුණට දරුවන් නංවන
ඔබේ මිහිරි නම ලොව බැබලේ
වදිනෙමු පුදනෙමු හදපිරි බැතියෙන්
තිස්සපුරේ විදුහල් මාතා...............//
සාහිතකාමින් ලොවට සදා
ජාතික ආලෙන් හද පුබුදා
වදිනෙමු පුදනෙමු හදපිරි බැතියෙන්
තිස්සපුරේ විදුහල් මාතා...............//
සිප්සත අාලෙන් ඔද නංවා
ගුණ නිසි බරනින් ඔප නංවා
සනසන අප සත පා ඔබ සෙවනේ
ජීවෙන් සැනසුම සුව සිසිලේ ..........//
සේනානායක වැව් තීරේ
සිප එන පවනින් හද මිහිරේ
නිල්වන් ගොයමින් බර වූ කරලින්
ඔබ වෙත අාසිරි සුව සිසිලේ ............//
හෙළ විරුවන් විසු පොළොවේ
ජනිතව් දරුවන් කැළ අප වේ
ජය ධජ නංවා කිතු ගොස පතුරා
යමු යමු පෙරටම රැගෙන සදා ..........//