නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ස්වාභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වර්ෂ 1953 අප්‍රේල් 30 දින මණ්ඩූර් අංක 19 ජනපදයේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ ඊ.එච්.ආරච්චි මහතාය. එතුමන් සමග කේ.ඇස්.යාපා මැතිනිය ද සිසු දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.
පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස එස්.ඒ.ජයසේන සිසුවා ද මුල්ම ශිෂ්‍යාව ලෙස එස්.ඒ.නන්දාවතී සිසුවිය ද පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වී ඇත. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණි.
ආර්ථික පීඩාවලින් ද කුරිරු යුද්ධයෙන් ද බැට කමින් පුරා දශක පහකට වැඩි කාලයක් අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කරන්නටත් විවිධ වූත් ජයග්‍රහණ ලබා ගන්නටත් මල්වත්ත තිස්සපුර දූ දරුවෝ වාසනාවන්ත වූහ. ඒ අතර 2000 වර්ෂයේ ලබා ගත් ඩිස්කවරි පළාත් අනුශූරතාවය මෙන්ම 2004 සමස්ථ ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගයේ කණිෂ්ඨ අංශය ප්‍රථම ස්ථානය ලබා ගැනීම පාසලේ සංධිස්ථානයක් සනිටුහන් කළේය. මීට අමතරව තවත් විශේෂ වූ ජයග්‍රහණ බොහොමයක් අත්පත් කර ගත්හ.
එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.
විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා , ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.
අද වන විට විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ද්විතීයික අංශය, ජේ්‍යෂ්ඨ අංශය වශයෙන් ක්‍රියාත්මක වේ. කලා හා වානිජ අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 25ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 06 කින් සමන්විතය. 470 ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ගුණයෙන් දැනුමෙන් දිගාමඩුල්ලෙන් පෙරට" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

|
ආරම්භ කළ වර්ෂය |
1953.04.30 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
19 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඊ.එස්. ආරච්චි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අම්/මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එස්.ඒ.ජයසේන |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
එස්.ඒ.නන්දාවති |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1957 |